නිවැරැදි අවබෝධයෙන් තොරව වගා ආයෝජන වලට යොමුවෙන්න එපා !
වගාවට ආයෝජනය – සැකයෙන් නොව, දැනුවත්භාවයෙන් තීරණය කරන්න
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස ලෝකයටම ප්‍රසිද්ධියක් උසුලන රටකි. තේ, පොල්, කුරුඳු, ගම්මිරිස්, පලතුරු සහ විවිධ වාණිජ භෝග හරහා රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කෘෂිකර්මාන්තය, අද වන විට ආයෝජන අවස්ථාවක් ලෙසද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති, මතභේදයටද තුඩු දී ඇති මාතෘකාවකි.
වගා ආයෝජන (Plantation investments) පිළිබඳ කතාබහ කරන විට බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් වන්නේ, "මේවා නීති විරෝධී ද, මේවා පිරමීඩාකාර ව්‍යාපාරද?" යන්නයි.
මෙම ප්‍රශ්නයට සරල "ඔව්" හෝ "නැහැ" යන පිළිතුරක් ලබාදිය නොහැක. ඒ, සෑම වගා ආයෝජන ව්‍යාපෘතියක්ම එකම ආකාරයෙන් ක්‍රියාත්මක නොවන නිසාය. ව්‍යාපෘතියක නීත්‍යානුකූලභාවය තීරණය වන්නේ එහි ක්‍රියාකාරී ආකාරය, ගිවිසුම්, ආයෝජකයාට ලබාදෙන අයිතිවාසිකම්, ආදායම් උත්පාදනය වන ආකාරය සහ අදාළ නීතිමය කරුණු ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමිනි.
නීත්‍යනුකූල හා තිරසාර ලෙස ක්‍රියාත්මක වන, හොඳ වගා ආයෝජනයක් හඳුනාගන්නේ කොහොමද?
ඒ සඳහා පහත කරුණු 8 පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.
1. අදාල ආයතනය අඩුම අවුරුදු 10ක් වත් ක්ෂේත්‍රයේ පැවති ආයතනයක්ද බලන්න. කෙටි කාලීන ප්‍රතිලාභ ලබාදෙන ආයෝජන අවස්ථා ඇති ආයතනයක් නම්, එම ආයෝජන අවස්ථා මුලින්ම හඳුන්වා දුන් කාල වකවානුවට අවුරුදු 5කට වත් පෙර සිට තම ව්‍යාපාර පදනම සකස්කර පැවතීම (වගා කටයුතු පවත්වාගෙනයාම, වෙළෙඳපොළ ගොඩනගා ගැනීම) අතිශ්‍යයින් සැලකිය යුතු කරුණකි.
2. එම ආයතනය තම නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට අපනයනය කරනවාද (export market), එම නිෂ්පාදන වලට ගෝලීය වෙළෙඳපොළේ ඉහල මිලක් ලැබෙනවාද යන්න බලන්න. මන්ද අදාල ආයතනයේ සැබෑ ව්‍යාපාරය විය යුත්තේ අපනයන ව්‍යාපාරය මිසක් ආයෝජන වලින් නැවත ගෙවීම (money circulation) නොවේ. එමෙන්ම ආයෝජකයන්ට හොඳ ප්‍රතිලාභ ගෙවීමට නම් එම ආයතනයේ නිශ්පාදන වලට ඉහල ඉල්ලුමක් ලැබිය යුතු අතර ගෝලීය වෙළෙඳපොළේ සිටීම ඊට මහත් රුකුලක් බව සැලකිය හැක.
3. එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට, වගාවන් සිදුකෙරෙන වතුවලට ගොස් වගා භූමිය සහ වගා කටයුතු සැබෑවටම පවතිනවාද යන්න පිලිබඳව තොරතුරු ලබාගත හැකිද බලන්න.
4. ඔබේ ආයෝජනය සම්බන්ධයෙන් පැහැදිලි ලිඛිත ගිවිසුමක් තිබෙනවාද, එම ගිවිසුමෙහි අවදානම් සහ ලාභ අපේක්ෂාවන් පැහැදිලිව විස්තර කර තිබෙනවාද? අදාළ ඉඩම නීත්‍යානුකූලව ඔබගේ නමට පවරා දෙනු ලබයිද, එහිදී අදාළ මුද්දර ගාස්තු සහ අනෙකුත් නීතිමය ගාස්තු නිසි පරිදි සමාගම විසින් ගෙවනු ලබයිද, ඉඩමට අදාළ අනුමත Survey Plan එකක් සහ අනෙකුත් නීතිමය ලේඛන පවතිනවාද, ඉඩමේ අයිතිය පිළිබඳ ලියාපදිංචි ඔප්පුව ඔබට භාරදෙනවාද යන කරුණු ආයෝජනය කිරීමට පෙර තහවුරු කරගත යුතුය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වගා ආයෝජන ව්‍යාපෘති අතර, බොහෝ ආයෝජකයන්ගේ අවධානය දිනාගෙන තිබෙන්නේ ආයෝජනයට අදාළව ඉඩම් හිමිකමක්ද ආයෝජකයාට ලබාදෙන ව්‍යාපෘති වෙතය.
මෙවැනි ව්‍යාපෘතිවලදී ආයෝජකයාගේ මුදලට අනුරූප වන ඉඩම් කොටසක් ආයෝජකයාගේ නමට පවරා දීම සිදු වේ. එහිදී ආයෝජකයා තම මුදල වියදම් කර ඉඩම මිලදී ගැනීමක් සිදුකරන බැවින් එය තැන්පතුවක් භාර ගැනීමක් යටතට අයත්වන්නේ නැත. එම ඉඩම් හිමිකම ආයෝජකයාට අතිරේක සුරක්ෂිතභාවයක් ලබාදෙන සාධකයක් වේ.
කෙසේ වෙතත්, ඉඩමක් ලබාදෙන බවට පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නොවේ. එම ඉඩම නීත්‍යානුකූලව ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හරහා ආයෝජකයාගේ නමටම පවරා තිබේද යන්න ආයෝජකයා විසින් තහවුරු කරගත යුතුය.
5. එම ආයෝජන අවස්ථාවට අදාල නීතිමය ලියකියවිලි, ආයෝජනය කිරීමට පෙර ලබාගෙන ඒවා පූර්ණ අධ්‍යනයකට ලක් කල හැකිද, එම නීතිමය ලියකියවිලි සම්බන්ධයෙන් නීතීඥවරයෙකුගේ නීති උපදෙස් (legal advices) ලබාගත හැකිද යන්න සොයා බලන්න. නීති උපදෙසක් යනු කාගේවත් පුද්ගලික මතයක් (personal opinion) නොවේ.
6. ලාභ ලැබෙන්නේ වගාවේ නිෂ්පාදන සහ අලෙවියෙන්ද, නැතිනම් නව ආයෝජකයන් එක් කිරීමෙන්ද යන්න ගැන සැලකිලිමත් වන්න. ආයෝජනයේ ලාභ ලැබෙන්නේ නව ආයෝජකයන් එක් කිරීම මත පදනම්ව නම් එය නීති විරෝධී පිරමිඩාකාර ව්‍යාපාරයක් විය හැක.
7. එම ආයතනයේ ආරම්භයේ සිට ගමන් මග, සුවිශේෂී සන්ධිස්ථාන, සිදුකල විශේෂ ව්‍යාපෘති, අපනයනය කරන නිෂ්පාදන, දේශීය හා විදේශීය වෙලඳපලවල් මොනවාද යන්න අධ්‍යනය කරන්න.
8. ඔබ ආයෝජනය කරන කාල පරාසය තුල ආයතනයේ ප්‍රගමනය කෙසේ වේද යන්න පිලිබඳව නිවැරදිව පුරෝකතනය කරගන්න. මේ සඳහා ආයතනයේ වගා තොරතුරු, අපනයන තොරතුරු, වත්මන් හා අනාගත පුළුල්කිරීම් (expansions) පිලිබඳ තොරතුරු අධ්‍යනය කල යුතුය. ඔබ ආයෝජනය කරන කාලපරාසය තුල ආයතනයේ පැවැත්ම ශක්තිමත් නම් ඔබේ අවධානම (risk) අවම කරගත හැක.
මෙවැනි කරුණු වලට පැහැදිලි පිළිතුරු ලබාදෙන ව්‍යාපෘතියක් තෝරාගැනීම, ආයෝජකයාගේ වගකීමකි. ඕනෑම ආයෝජන අවස්ථාවක අවධානමක් ඇත. එම අවධානම අවම කරගත් හැක්කේ නිවැරැදි ස්වයං අධ්‍යනයකින් පමණි. ඔබට සුදුසු ආයෝජන අවස්ථාව කුමක්ද යන්න තීරණය කල හැක්කේ ඔබටම පමණි. ඔබ අවට සිටින සියල්ලන්ගේම මත විමසීමෙන් ඔබට සුදුසු ආයෝජන අවස්ථා මොනවාද යන්න සෙවීම අනුවණ ක්‍රියාවකි. වගා ආයෝජන සම්බන්ධයෙන් අද අපි දකින සමාජ කතිකාවත නිර්මාණය වී ඇත්තේ බහුතරයක් තුල නිවැරැදි ආයෝජන මානසිකත්වයක් (investment mindset) ගොඩනැගී නොමැති නිසාය.
ඕනෑම ආයෝජනයක් මෙන්ම, වගා ආයෝජනවලද අවදානම් පවතී. කාලගුණය, වෙළඳපොළ මිල, නිෂ්පාදන තත්ත්වය සහ කළමනාකරණය වැනි කරුණු ප්‍රතිලාභයට බලපාන සාධක වේ.
එබැවින්, අසාමාන්‍ය ලෙස ඉහළ ලාභ පොරොන්දු, අවදානම් පිළිබඳ තොරතුරු සඟවන ව්‍යාපෘති හෝ නව සාමාජිකයන් බඳවා ගැනීම මත පදනම් වූ ආදායම් ක්‍රමවේද පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්ය.
වගා ආයෝජන සියල්ලම පිරමීඩාකාර ව්‍යාපාරද?
වගාවන්වල ආයෝජනය පිළිබඳ කතාබහේදී බොහෝ දෙනා අතර පවතින ප්‍රධාන වැරදි මතයක් වන්නේ, වගා ආයෝජන සියල්ලම පිරමීඩාකාර යෝජනා ක්‍රම බවයි. නමුත් නීතිමය වශයෙන් එවැනි සාමාන්‍ය නිගමනයකට පැමිණිය නොහැක.
ඕනෑම ව්‍යාපාරයක් නීත්‍යානුකූලද නැද්ද යන්න තීරණය වන්නේ එය ක්‍රියාත්මක වන ආකාරය, ආදායම් උපයන ක්‍රමය, ආයෝජකයන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් සහ අදාළ නීතිවලට අනුකූල වීම මතය.
මූල්‍ය ව්‍යාපාර පනත යටතේත්, තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනා ක්‍රම සම්බන්ධ නීති යටතේත් කිසිදු උල්ලංඝනයක් සිදු නොවන ආකාරයට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ නම්, එම ව්‍යාපාරය නීතිමය වශයෙන් එම පනත් යටතේ වරදකරුවෙකු ලෙස සැලකීමට පදනමක් නොමැත.
එබැවින් වගා ආයෝජනයක් පිළිබඳ තීරණයක් ගැනීමේදී, විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන අසත්‍ය ප්‍රචාර හෝ අනුමාන මත නොව, ලිඛිත ගිවිසුම්, නීතිමය ලියකියවිලි සහ ව්‍යාපෘතියේ සැබෑ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තීරණය කිරීම වඩාත් වැදගත් වේ.
අවසානයේ,
වගාවට ආයෝජනය කිරීම යනු මුදල් යෙදවීමක් පමණක් නොව, රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වීමක්ද වේ. එහෙත්, සාර්ථක ආයෝජනයක් සිදු වන්නේ හැඟීම් මත නොව, නිවැරදි තොරතුරු, ලිඛිත ගිවිසුම් සහ නීතිමය පසුබිම හොඳින් සොයාබලා තීරණය කරන විටය.
දැනුවත් ආයෝජකයෙකු වන්න. වගකීමෙන් තෝරන්න. නිසි පරීක්ෂාවකින් පසු ගන්නා තීරණය, ඔබේ ආයෝජනයට සැබෑ වටිනාකමක් එක් කරයි.
අප ආයතනයේ ආයෝජන අවස්ථා පිලිබඳව ගැඹුරින් අධ්‍යනය කිරීමට කැමතිද ? පිවිසෙන්න පහත link එකෙන්.
https://investmentadvisor.lk/opportunities/high-net-worth-investment-solutions/


Comments
Post a Comment